බෙංගාල බොක්කේ පීඩන අවපාතය තමිල්නාඩුව දෙසට

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය තමිල්නාඩුව දෙසට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff Writer . 06-03-2022 | 7:37 AM

COLOMBO (News 1st) - නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, තමිල්නාඩු වෙරළ තීරය වෙත ගමන් කරමින් අඩු පීඩන කලාපයක් බවට දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (05) වන විට එය ස්ථානගතව පැවතියේ කන්කසන්තුරය වෙරළට කිලෝමීටර 320 ක් ඊසාන දෙසිනි. ඒ අනූව උතුරු පළාතේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු මැද පළාතේ ද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිවේ. ඌව සහ දකුණු පළාත්වලත්, රත්නපුරය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල පවතින්නේ වැසි රහිත කාලගුණයකි. උතුරු පළාතේ සුළං වේගය පැයට කිලෝමීටර 40 ක් දක්වා වර්ධනය විය හැකියි.