by Staff Writer . 06-03-2022 | 3:43 PM
COLOMBO (News 1st) – පාසල් ආපනශාලා යළි විවෘත කිරීමට අවසර දී තිබේ.
ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අදාළ අවසරය ලිඛිතව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ, අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් කිහිපයක්ද සඳහන් කරමින් ය.
ඒ අනුව එක් එක් පන්ති සඳහා වේලාවන් වෙන් කර විවේකය ලබාදීම, පන්තියකින් එක් සිසුවෙකු මුළු පන්තියටම අවශ්‍ය ආහාරපාන ඇනවුම් ලබාදීම, නියමිත වේලාවට ආහාර සුදානම් කර සෞඛ්‍ය ආරක්ෂිතව පන්තිවලට සැපයීම ක්‍රියා කිරීම , දුරස්ථභාවය තබා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කිරීම යන නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.