by Staff Writer . 06-03-2022 | 3:37 PM
COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කරමින් භාණ්ඩ ලැයිස්තුවක් හෙට(07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, කැබිනට් නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි.
පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීම සඳහා රජය පසුගියදා මෙම තීරණයට එළැඹිණ.