රුසියාවේ Facebook තහනම් කෙරේ..

රුසියාවේ Facebook තහනම් කෙරේ..

by Staff writer 05-03-2022 | 12:55 PM

COLOMBO (News 1st) –  Facebook සමාජ ජාලය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි රැසක් රුසියාව තුළ තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, RT පුවත් සේවය ඇතුළු එරට ප්‍රධාන පෙළේ පුවත් වෙබ් අඩවිවල ජාත්‍යන්තර ප්‍රවේශය ද අවහිර කර ඇති බවයි. ටෙලිග්‍රෑම් තහනම් කර, ට්විටර් සීමා කිරීමට ද රුසියාව පියවර ගෙන තිබේ. "ව්‍යාජ" පුවත් හිතාමතා පතුරුවා හරින ඕනෑම අයෙකුට වසර 15 ක සිර දඬුවමක් නියම කෙරෙන නව නීතියක් රුසියාව පසුගියදා හඳුන්වා දුන්නේ ය. පවතින තත්ත්වය මත රුසියාවේ සිය විකාශන කටයුතු අත්හිටුවන බව BBC, CNN සහ Voice of America පුවත් සේවා නිවේදනය කළේ ය. එවැනි වාතාවරණයක් තුළ යුක්‍රේන ජනාධිපතිවරයා අද අමෙරිකානු සෙනට් මණ්ඩලය ඇමතීමට නියමිතව ති‌බේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද හෙට(06) හදිසියේ රැස්වන්නේ යුක්‍රේන මානූෂීය අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. එහිදී ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් විශේෂ කෙටුම්පතක් සකස් කිරීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.