COLOMBO (News 1st) – යුක්‍රේනයේ වත්මන් වාතාවරණය හමුවේ බෙලරුසයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා දිවයිනට පැමිණීමට පහසුකම් සලසා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඒ සඳහා මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙමින් යුක්‍රේනයේ උද්ගතව ඇති වාතාවරණයේ වත්මන් ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින බවයි.
ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනෙකු පමණ බෙලරුසයේ උසස් අධ්‍යාපනය හදාරයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, බෙලරුසයේ පිහිටි සියලුම විශ්වවිද්‍යාල සමග සබඳතා පවත්වමින් එම විශ්වවිද්‍යාලවල පරිපාලන අංශ, ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ දෙමාපිය කණ්ඩායම් සමග පැවැත්වූ සාකච්ඡාවලදී එකඟවූ පරිදි මෙරටට තාවකාලිකව පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බවයි.
බෙලරුසයේ රුසියානු තානාපති කාර්යාලය සමග එක්ව එවැනි සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීම සඳහා හදිසි පදනම මත සංක්‍රමණික වීසා නිකුත් කිරීමට කටයුතු සලසා ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එම අමාත්‍යාංශය පැවසුවේ, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බෙලරුසයේ සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට ඒ පිළිබඳ වැඩිදුර විමසීම තොරතුරු සඳහා දුරකතන අංකයක් හා විද්‍යුත් ලිපිනයක් ද හඳුන්වා දී බවයි.
ඒ අනුව, දුරකතන: +79801445726 හා
[email protected] යන විද්‍යුල් ලිපිනය ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකි ය.