බිරිඳ ඝාතන කළ ස්වාමි පුරුෂයා සිය දිවි හානි කර ගනී

බිරිඳ ඝාතන කළ ස්වාමි පුරුෂයා සිය දිවි හානි කර ගනී..

by Staff writer 05-03-2022 | 10:08 AM

COLOMBO (News 1st) – ගොකරැල්ල, රණවිරුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර ති‌බේ.

පොලිසිය පැවසුවේ 49 හැවිරිදි, පාන්ගොල්ල , ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. බිරිඳ ඝාතනය කිරීමෙන් පසු අදාළ ස්වාමි පුරුෂයා ද සිය දිවි හානිකරගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.