ජනපති සඳහිරු සෑ පුදබිමට..

ජනපති සඳහිරු සෑ පුදබිමට..

by Staff writer 05-03-2022 | 9:47 PM

COLOMBO (News 1st) - අනුරාධපුරයේ ඉදිවූ සඳහිරු සෑ පුදබිමේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරවීමේ සහ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා නිරාවරණය කිරීමේ මහෝත්සවය අද (05) පෙරවරුවේ පැවැත්විය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මැල්සිරිපුර, නාඋයන ආරණ්‍ය සේනාසනයේ සිට අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඊයේ (04) පස්වරුවේ සඳහිරු සෑ භූමියට වැඩම කරවනු ලැබිණි. නව බුද්ධ මන්දිරය විවෘත කිරීම අද උදෑසන සිදුකෙරුණේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේය. අටවිසි බෝධීන් වහන්සේ අභියස සකස් කළ විශේෂ ආසනවල අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීමෙන් අනතුරුව පස්වරුවේ බුද්ධ වන්දනා පූජෝත්සවයක් පැවැත්වේ. ඒ, ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙනි.