වලව්වක පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලයි

වලව්වක් තුළ ජයටම කරගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වටලයි

by Staff Writer . 04-03-2022 | 9:01 PM

COLOMBO (News 1st) – ගනේමුල්ල, කොස්හින්න ප්‍රදේශයේ වලව්වක් තුළ ස්වංක්‍රීයව මත්පැන් පෙරීම සිදුවන ආකාරයට සකස් කළ මත්පැන් ස්කාගාරයක් වටලා තිබේ.

ඒ, වලාන දූෂණ මර්දන මධ්‍යස්ථානය විසින් සිදු කළ වැටලීමකදීය. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (04) අලුයම මෙම වැටලීම සිදු කර තිබුණි.