පරෙවි දූපතේ පාලම මුහුදට කඩා වැටෙයි

මාතර පරෙවි දූපතේ යකඩ පාලම මුහුදට කඩා වැටෙයි

by Staff Writer . 04-03-2022 | 9:47 PM

COLOMBO (News 1st) – මාතර රන් දූපතේ (පරෙවි දූපත) මංගල උපෝසථාගාරයට පිවිසීමට ඇති යකඩ පාලම අද(04) පස්වරුවේ මුහුදට කඩා වැටී තිබේ.

රන් දූපත මංගල උපෝසථාගාරය පිහිටි දූපත හා මාතර නගරය යාකෙරෙන යකඩ පාලම අද කඩා වැටුණේ ඒ මතින් ගමන් කරමින් සිටි පිරිසකුත් සමගිනි. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම පාලමේ අවදානම් සහගත බව නිව්ස්ෆස්ට් අනාවරණ කළේ ය. එහෙත් පාලම ප්‍රතිසංස්කරණයට නිසි පියවර ගෙන තිබුණේ නැහැ. අප වාර්තාකරු සඳහන් කළේ, පාලම මුහුදට කඩා වැටෙන අවස්ථාවේ පාලම මත සිටි කිහිපදෙනෙක් සුළු තුවාල ලබා ඇති බවය. https://www.youtube.com/watch?v=dXpAhouuahw