බැඳුම්කර වංචාව: රවී ඇතුළු 11 දෙනා මුදා හැරේ..

බැඳුම්කර වංචාව: රවී ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදා හැරේ..

by Staff Writer . 04-03-2022 | 4:25 PM

COLOMBO (News 1st) –  හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.

ඒ, 2016 වසරේ දෙවෙනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ චෝදනාවෙන් ය.