අද (03) ත් පැය හත හමාරක විදුලි කප්පාදුවක්

අද (03) ත් පැය හත හමාරක විදුලි කප්පාදුවක්

by Staff Writer . 03-03-2022 | 8:12 AM

COLOMBO (News 1st) –  අද (03) ත් පැය 7 හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, ඒ සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි.‍ ඒ අනුව පෙරවරු 8.00 ත් සවස 6.30 දක්වා පැය පහක් හා පස්වරු 6.30 ත් රාත්‍රි 10.30 ත් අතර පැය දෙකහමාරක් වශයෙන් විදුලි බලය අත්හිටුවනු ඇති. විදුලිය කප්පාදුව හේතුවෙන් ඊයේ දිනයෙත් ප්‍රදේශ රැසක ජනතාව මෙන්ම විවිධ ව්‍යාපාරවල නිරත පුද්ගලයින් දැඩි පීඩාවට පත්විය.‍

විදුලිය විසන්ධි කරන ප්‍රදේශ සහ කාල සටහන සඳහා පිවිසෙන්න