සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වර්ජනයක

by Staff Writer . 02-03-2022 | 8:37 AM

COLOMBO (News 1st) –  සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් අද සහ හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වේ.

ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමිනි. සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේ, අද උදැසන 8 සිට දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි. කේසේ වෙතත් ළමා රෝහල් , පිළිකා රෝහල් , මාතෘ රෝහල් , මධ්‍යම ලේ බැංකුව සහ කොළඹ ජාතික ‍බෝවන රෝග විද්‍යායතනය මෙම වැඩවර්ජනයට එක් නොවන බව ඔහු ප්‍රකාශ කළේ ය.