by Staff writer 02-03-2022 | 12:09 PM
COLOMBO (News 1st) – රටේ පවතින විදුලි අර්බුදය මගහරවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතිකවී තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා තමාට ඒ පිළිබඳව දැනුම් දුන් බවයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ආයනයට අවශ්‍ය පහසුකම් සැලසීමට භාණ්ඩාගාරයෙන් සහ මහ බැංකුව සමග එක්ව පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.