යුක්‍රේන රූපවාහිනි කුළුණකට රුසියානු ප්‍රහාරයක්

යුක්‍රේනයේ රූපවාහිනි කුළුණකට රුසියානු හමුදා ප්‍රහාරයක්

by Staff Writer . 02-03-2022 | 9:30 AM

COLOMBO (News 1st) –  යුක්‍රේනයේ කිව් අගනුවරට රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් රූපවාහිනී කුළුණකට හානි සිදුව තිබේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ය. තාක්ෂණික මධ්‍යස්ථාන ඇතුළු කිව් නගරයේ ප්‍රධාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට ඊයේ රුසියාව අනතුරු ඇඟවීමක් කළේ ය. රුසියානු හමුදා ට්‍රක්රථ විශාල සංඛ්‍යාවක් යුක්‍රේනයේ කිව් අගනුවර දෙසට ධාවනය කරන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප පෙළක් ද මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන හාර්කිව්හි නිදහස් චතුරස්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මේ අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම මිලේච්ජ ක්‍රියාවක් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පෙන්වා දෙයි.