අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ  ආනයනය ගැන අද ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය කිරීම තහනම් කරමින් අද රාත්‍රියේ ගැසට් නිවේදනයක් - උදය ගම්මන්පිල

by Staff Writer . 02-03-2022 | 6:11 PM

COLOMBO (News 1st) - අද (02) රාත්‍රියේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය සූදානම් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

උදය ගම්මන්පිල මහතා මෙම අනාවරණය කළේ, ‘මුළු රටම හරි මගට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයේදීය.   https://youtu.be/PTUHMoxWRXM