හෙට (02) පැය 7කට අධික විදුලි කප්පාදුවක්

හෙට (02) පැය 7කට අධික විදුලි කප්පාදුවක්

by Staff writer 01-03-2022 | 5:25 PM

COLOMBO (News 1st) - හෙට (02) දිනයේ පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව හෙට (02) පෙරවරු 8ත් සවස 6 ත් අතර කාලසීමාව තුළ දිවයින පුරා පැය පහක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇත. ඊට අමතරව, සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක් ද විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේය.   https://youtu.be/p5jD2xq4XvM