by Staff Writer . 01-03-2022 | 2:09 PM
COLOMBO (News 1st) – රුසියාව සහ යුක්රේනය අතර පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින යුදමය වාතාවරණය හමුවේ එම සාකච්ඡා ඊයේ බෙලරූස් දේශසීමාවේදී පැවති බවයි.
ඒ බෙලාරුසියානු විදේශ අමාත්‍ය ව්ලැදිමීර් මාකී, යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සහ රුසියානු ජනාධිපති සහයක ව්ලැදිමීර් මෙඩින්ස්කි අතරයි.
සටන් විරාමයක් තහවුරු කිරීම ඉලක්කකර ගනිමින් පැය 5කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී දෙපාර්ශවය විසින් පොදු ස්ථාවරයන් පුරෝකථනය කළ හැකි ඇතැම් කරුණු සොයා ගත් බව විදෙස් වාර්තාවන්හී සඳහන් ය.
එහෙත් රුසියා යුක්රේන නියෝජිත පිරිස් තවත් සාකච්ඡා වටයකට එකඟ වූ බව වාර්තා වේ.
එම දෙවන වටයේ සාකච්ඡා ද බෙලරූස් දේශසීමාවේදී නුදුරේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර සැතපුම් 40කට ආසන්න දිගකින් යුත් රුසියානු සන්නාහ සන්නද්ධ රථ පෙළක් යුක්රේනයේ කියෙව් අගනුවරට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමිනි.
මිසයිල ප්‍රහාර හේතුවෙන් රටේ දෙවන නගරය වන හාර්කිව්හි සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවට වාර්තා වේ.
යුක්රේන උතුරු නගරය වන චර්නියැව් වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බව විදෙස් වාර්තා පවසයි.
රුසියාව යුක්රේනයට පහර දෙන නමුත් යුක්රේන ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු හමුදාවල ඉදිරි ගමන මන්දගාමී වී තිබේ.
දින පහක් පුරා පැවති යුද ගැටුම්වලින් යුක්රේනයේ පුද්ගලයින් 352 දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 1684කි.
ගැටුම්වලින් රුසියානු සෙබළුන් 5000ක් පමණ මියගිය බව යුක්රේනය පැවසී ය.