දඹගල්ලේදී ස්වාමි පුරුෂයා සිය බිරිඳ ඝාතනය කරයි

දඹගල්ලේදී ස්වාමි පුරුෂයා සිය බිරිඳ ඝාතනය කරයි

by Staff Writer . 01-03-2022 | 12:05 PM

COLOMBO (News 1st) –  දඹගල්ල දැලිව ප්‍රදේශයේදී ස්වාමිපුරුෂයා සිය බිරිඳ ඝාතනය කර තිබේ.

ඝාතනයට හේතුව පවුල් ආරවුලක් මත ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමයි. ස්වාමිපුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එහිදි බරපතළ ලෙස තුවාල ලැබූ 28 හැවිරිදි කාන්තාව මොනරාගල සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනය සම්බන්ධයෙන් 34 හැවිරිදි ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බව, පොලිසිය සඳහන් කළේ ය.