COLOMBO (News 1st) – කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවත් මසකින් දීර්ඝ කර තිබේ.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් එම මාර්ගෝපදේශ මාලාව අද (01) සිට මෙම මස 31 වනදා දක්වා බලපැවැත් වෙනු ඇති.
අදාළ මාර්ගෝපදේශ මගින් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මෙන්ම මුව ආවරණ පැළඳීම තවදුරටත් සිදු කළ යුතු ය.