ජනපති කාර්ය සාධක බලකායේ කාලය දීර්ඝ කෙරේ

'එක රටක් එක නීතියක්' ජනපති කාර්ය සාධක බලකායේ කාලය දීර්ඝ කෙරේ

by Staff Writer . 01-03-2022 | 4:00 PM

COLOMBO (News 1st) –  එක රටක් එක නිතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් මාස තුනකින් දිර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවි‍ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම බලකායේ ප්‍රධානත්වය දරන්නේ, පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් ය. එම පත්කිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් මිශෙල් බැශලේ මහත්මිය ගේ වාර්තාවේ ද සටහන්ව තිබිණ. මෙම ගැසට් නිවේදනයට අනුව පෙබරවාරි මස 28 වනදා සිට තවත් මාස තුනක් දක්වා එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ වේ. අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන සහ විද්වත් මණ්ඩල අදහස් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් මෙලෙස තවදුරටත් කාලය දිර්ඝ කළ බවයි. එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය ඊයේ දිනයෙන් අවසන් විමට නියමිතව තිබුණි.