අද (01) පැය 3 ක විදුලි කප්පාදුවක්

අද (01) පැය 3 ක විදුලි කප්පාදුවක්

by Staff Writer . 01-03-2022 | 8:32 AM

COLOMBO (News 1st) – දිවයිනේ සියලුම ප්‍රදේශ සඳහා අද පැය 03 ක කාලයක් විදුලිය කප්පාදුවකට අවසර ලබාදී තිබේ.

මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ, ඒ අනුව අද පෙරවරු 8.30 සිට සවස 5.30 අතර පැය 03 ක කාලයක් විදුලිය කප්පාදුවකට විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි. අතිරික්ත ඉල්ලුම කළමනාකරණය සඳහා අවශ්‍ය වුවහොත් රාත්‍රි කාලයේ විනාඩි 30 ක සැලසුම් නොකළ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට ද අවසර ලබාදී තිබේ. එබැවින් අද සවස 6 සිට රාත්‍රි 10 දක්වා විදුලි පරිභෝජනය අඩු කරන ලෙස, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. මේ අතර විදුලි බලාගාර සඳහා තවදුරටත් ඩීසල් ලබා දීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ ය. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දුරථකතන කුළුණු, සංචාරක හෝටල් සහ ක්ෂේත්‍ර ගණනාවක ඩිසල් නොමැතිව අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් විදුලිය සඳහා ඩිසල් ලබා දීමේ හැකියාවක් නොමැති බවයි. කෙසේවෙතත් විදුලි බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000 ක් මාර්තු 8 වැනිදා මෙරටට ළඟා වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. බලාගාර සඳහා ඩීසල් නොමැතිව දැවි තෙල් ලැබුණත් විදුලි අර්බුදයට සම්පූර්ණ විසඳුමක් නොලැබෙන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

විදුලිය විසන්ධි කරන ප්‍රදේශ සහ කාල සටහන සඳහා පිවිසෙන්න