by Staff Writer . 01-03-2022 | 10:51 AM
COLOMBO (News 1st) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අද අලුයම ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ඔවුන් ප්‍රකාශ කළේ, දැනට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දැක්වීම සඳහා එලෙස පිටත්ව යන බවයි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය මේ දිනවල ජීනිවා නුවරදී පැවැත්වේ.
එක්සත් ජාතිනගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.