by Staff writer 28-02-2022 | 10:09 AM
COLOMBO (News 1st) – විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේද මොනවාද යන්න සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි.
ඒ, විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.
අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සාකච්ඡාවට ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ සහ ලංකා ඉන්දීය තෙල් සමාගමේ නියෝජිතයින් ද සහභාගී වන බවයි.