by Staff writer 27-02-2022 | 4:57 PM
COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ ඊයේ(26) විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.
එහිදී විවිධ වරෙන්තු සඳහා අවශ්‍යව සිටි වරෙන්තුකරුවන් 556ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 34ක් සහ සැකපිට පුද්ගලයින් 142 අත්අඩංගුවට ගෙන තිබේ.
මාධය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , මෙම විශේෂ වැටලීම සඳහා පොලිස් නිලධාරීන් 1,667 දෙනෙකු සහභාගි වී ඇති බවය.