මාත්‍රා 3ම ගෙන මෙරටට පැමිණීමේදී PCR අවශ්‍ය නැහැ..

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් මෙරටට පැමිණීමේදී PCR වාර්තා අවශ්‍ය නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 27-02-2022 | 8:51 AM

COLOMBO (News 1st) –  විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් මාර්තු 01 වැනිදා සිට මෙරටට පැමිණීමට පෙර PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වුණේ, පූර්ණ එන්නත්කරණය අවසන් වී සති 2 ක් සම්පූර්ණ කළ පුද්ගලයින් එලෙස PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවය. වයස අවුරුදු 8 හෝ ඊට අඩු දරුවන් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්නම්, ඔවුන් ද පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් සේ සලකන බව එහි සඳහන් ය. කෙසේ වෙතත් වයස අවුරුදු 12 හෝ ඊට වැඩි පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින් මෙරටට පැමිණීමේදී තවදුරටත් පැය 72 ක් තුළ ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙයි.