by Staff writer 27-02-2022 | 3:09 PM
COLOMBO (News 1st) - කොළඹ, ජම්පටා විදීය ප්‍රදේශයේ රාසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩාවක ගින්නක් හට ගැනිණි.
කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 12 ක් පමණ යෙදවූ බවයි.
පැය එක හමාරකට ආසන්න කාලයකට පසු ගින්න මැඩපැවැත්වීමට හැකි වූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරී, එම්. ඒ. බී .සේනාධීර මහතා සඳහන් කළේ, ගින්නෙන් අදාළ ගබඩාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.