by Staff writer 26-02-2022 | 12:19 PM
COLOMBO (NEWS1ST): නියමිත කාලය ඉක්මවා විදුලිය කප්පාදුවක් සිදු වේනම්, ඒ පිළිබඳව වහා පැමිණිලි කරන්නැයි, මහජන උපයෝගිතා කොමිසම(PUCSL) දැනුම් දෙයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශය සහ විදුලිය කප්පාදුව සිදුවූ වේලාවන් නිවැරදිව සඳහන් කර, එම පැමිණිල්ල යොමු කළ යුතු බවය.
මේ අතර, අද(26) සහ හෙට(27) රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි.
එම කොමිසන් සභාව සඳහන් කළේ , අද ABC කාණ්ඩවල පමණක් පැය 3ක සහ අනෙකුත් ප්‍රදේශවලට පැය දෙකහමාරක් දක්වා දිවා කාලයේ විදුලි කප්පාදුව අඩු කරන බවය.