රු. ලක්ෂ 78ක් සමග හොරොයින් අලෙවි කළ දෙදෙනෙකු කොටු

රුපියල් ලක්ෂ 78ක් සමග හොරොයින් අලෙවි කළ දෙදෙනෙකු STF දැලේ..

by Staff writer 26-02-2022 | 2:21 PM

COLOMBO (News 1st); – හොරොයින් අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව කොටහේන ප්‍රදේශයේ කළ විශේෂ වැටලීම් දෙකකදී ය. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 106 ක් සහ හෙරොයින් අලෙවි කර උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් හැත්තෑ අට ලක්ෂ විසිතුන් දහසක මුදලක් ද, සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.