මිය ගිය දිවියෙකුගේ සිරුරක් තේ වත්තකින්..

මිය ගිය දිවියෙකුගේ සිරුරක් තේ වත්තකින්..

by Staff writer 26-02-2022 | 12:30 PM

COLOMBO (NEWS1ST):  නෝටන් බ්‍රිජ්, විමල සුරේන්ද්‍රපුර, විදුලිපුර ප්‍රදේශයේ තේ වත්තකින් මිය ගිය දිවියෙකුගේ සිරුරක් හමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මියගිය දිවියාගේ පිට ප්‍රදේශයේ ස්ථාන 2ක තුවාල තිබී ඇති අතර, ඉදිරි දකුණු පාදය අසළින් සිදුරු වූ තුවාලයක් ද හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. මියගිය දිවියාට වයස අවුරුදු 06ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවට ආවේණික පැන්තරා පාඩුස් වර්ගයට අයත් සත්ත්වයෙකු බව හඳුනා ගෙන තිබේ. දිවියාගේ මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා රන්ටැඹේ වන ජීවි පශු වෛද්‍ය කාර්යාලය වෙත යවා ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.