by Staff writer 26-02-2022 | 10:43 AM
COLOMBO (News 1st) – මැදපෙරදිග රටවලින් ඩොලර් බිලියන 2ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් ඇතැයි, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මැදපෙරදිග රටවල බැංකු කිහිපයක් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇති බවයි.
ඒ අනුව පවතින මූල්‍යමය තත්ත්වය විසඳා ගැනීමට අවශ්‍ය පියවරයන් කිහිපයක් කඩිනමින් ගැනීමට හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්ත මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන සමග ඉතා සුහදව කටයුතු කරන බවය.
ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නවාද නැද්ද යන පිළිබඳ ජනාධිපතිතුමා හා අගමැතිතුමා විසින් තීරණය කරනු කරන ලබන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.