by Staff Writer . 25-02-2022 | 12:55 PM
COLOMBO (News 1st) – සති අන්තයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, හෙට (26) සහ අනිද්දා (27) රාත්‍රී කාලයේ විදුලිය කැපීමෙන් වළකින ලෙස හෝ අවම කප්පාදුවක් සිදුකරන ලෙස විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇති බවයි.
සති අන්තයේ විදුලි පරිභෝජනය සඳහා වන ඉල්ලුම අඩුවීම හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය මෙම උපදෙස් ලබා දී තිබේ.
මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, පසුගිය දින කිහිපය පුරා දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකළ බැවින් හෙට සහ අනිද්දා රාත්‍රී කාලයේ විදුලිය කැපීමෙන් වළකින ලෙස හෝ අවම කප්පාදුවක් සිදුකරන ලෙස විදුලිබල මණ්ඩලයට පැවසූ බවයි.