යලට පොහොර දෙන්න සියල්ල සූදානම්..

යලට පොහොර දෙන්න සියල්ල සූදානම්.. - ඇමති කියයි

by Staff writer 25-02-2022 | 3:58 PM

COLOMBO (News 1st) – යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්විමට සහභාගි වෙමින් ය. පොහොර ලබාදීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව ද, අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ පැවති පොහොර තොග වැඩි මිලට අළෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කර ඇති බවත් එසේ කරන වෙළෙඳුන්ගේ ලියාපදිංචි බලපත්‍රය ඉදිරියේදී තහනම් කිරීමට පියවර ගන්නා බවයි.