අද (25) ත් පැය 5 කට වැඩි විදුලි කප්පාදුවක්

අද (25) ත් පැය 5 කට වැඩි විදුලි කප්පාදුවක්

by Staff Writer . 25-02-2022 | 8:45 AM

COLOMBO (News 1st) – අද දිනයේ පැය 5 කට වැඩි විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

මේ අනුව කලාප කිහිපයකට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි වනු ඇති. එහෙත් A, B සහ C කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 4 යි මිනිත්තු 40 කි. මේ අතර ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ, විදුලිබල මණ්ඩල ජංගම දුරකතන මෘදුකාංගයෙන් තොරතුරු ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්ධි ‌කෙරෙන වේලාවන් පිළිබඳ සවිස්තර තොරතුරු පහතින්...