English
தமிழ்
කර්තෘ Staff Writer .
25 Feb, 2022 | 8:13 am
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ද ,රුසියානුවන් යටතට ගෙන ඇති බවයි.
මේ අතර ඊයේ (24) සවස වන විට උතුරින් දකුණින් සහ නැගෙනහිර දේශසීමාවලින් රුසියානු හමුදාව යුක්‍රේනයට ඇතුළු වී තිබේ.
යුක්‍රේනයට ඇතුළු වූ රුසියානු ආරක්ෂක අංශ කිවි අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේ ය.
මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත යුක්‍රේන වැසියන් තම නිවෙස් අතහැර, කිවි අගනුවරින් පලා යන බව ද විදෙස් වාර්තාවන්හි සඳහන් වේ.
යුක්රේන ගුවන් ආරක්ෂණ පද්ධතිය මුළුමනින්ම විනාශ බව රුසියානු හමුදාව ඊයේ (24) තහවුරු කළේ ය .
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යුක්රේනය සිය ගුවන් කලාපය සම්පුර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ.
ප්‍රංශ පුවත් සේවය පෙන්වා දෙන්නේ, යුක්රේනයේ හමුදා කඳවුරු 74 ක් මුළුමනින්ම විනාශ කර ඇතැයි රුසියාව තහවුරු කළ බව ය.
පවතින තත්ත්වය යටතේ අවශ්‍ය ඕනෑම අයෙකුට අවි ආයුධ නිකුත් කරන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඊයේ (24) නියෝග කර තිබේ.
මේ අතර බ්‍රිතාන්‍යය හා අමෙරිකාව ද රුසියාවට නව සම්බාධක පනවා තිබේ.
මේ යුදමය වාතාවරණය ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මේ වන විට ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැලරයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.
13 Feb, 2022 | 08:36 AM
09 Jan, 2021 | 02:26 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS