යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දමයි

යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දමයි

by Staff Writer . 24-02-2022 | 3:51 PM

COLOMBO (News 1st) –  යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි. සිවිල් ගුවන් මගින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ‍ගත් බව එරට බලධාරිහු පවසති. මේ අතර රුසියානු හමුදාව යුක්‍රේනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 19 දෙනෙකු අතුරුදන්ව ඇතැයි යුක්‍රේන පොලීසිය පවසයි. පඩොල්ස්ක් හා ඔඩෙසා යන ප්‍රදේශවල මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6 කි. මේ අතර බෝම්බ ප්‍රහාර හමුවේ මරියුපෝල් ප්‍රදේශයේ ද එක් අයෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.