by Sagarika Chathumali 24-02-2022 | 1:20 PM
COLOMBO (News 1st) – ඉතාලියේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස ජගත් වැල්ලවත්ත මහතා පසුගිය දා ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මහතා වෙත රෝමයේ පැලසෝ ඩෙල් ක්විරිනාලෙහිදී සිය අක්තපත්‍ර භාර දුන්නේ ය.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් පැවසුවේ, අක්ත්‍රපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව තානාපතිවරයා ඉතාලි ජනාධිපතිවරයා සහ එරට ජනතාව වෙත ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුබ පැතුම් ද පිළිගැන්වූ බවයි.
මෙහිදී නව තානාපතිවරයාට ඉතාලි ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් හිමිවූ අතර එහිදී තානාපතිවරයා පවසා ඇත්තේ, දෙරට අතර ද්වීපාර්ශවීය සබඳතා සෑම මට්ටමකින් ම වැඩිදියුණු කිරීම සඳහා තමන් කැපවී සිටින බවයි.
තව ද විශාල ලාංකිකයින් පිරිසක් වෙනුවෙන් ඉතාලියේ අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් උග්‍රව පැවති සමයේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විශේෂ අවධානයක් සහ ඔවුන්ගේ සුබ සාධනය සඳහා ඉතාලි රජය ඉටුකළ මෙහෙයට තානාපතිවරයා එරට රජය වෙත කෘතඥතාව ද පළ කර තිබේ.
ද්විපාර්ශ්වික සබඳතා, සංස්කෘතික, වෙළඳ, ආයෝජන, ශ්‍රමික හා අධ්‍යාපන ක්ෂේත්‍රවල සබඳතා සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා සිය මෙහෙයුම පිළිබඳව ද තානාපතිවරයා එහිදී කරුණු පැහැදිලි කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන වැල්ලවත්ත මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වේ.
තව ද වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ජාතික ළමා රක්ෂණ අධිකාරිය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි ප්‍රමුඛ පෙළ රාජ්‍ය ආයතන රැසකම සභාපතිවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
මීට අමතරව ඔහු ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ කවුන්සිල් සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ආර්ථික, දේශපාලන, සමාජීය ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදු කරමින් අධ්‍යන පත්‍රිකා රැසක් පළ කර ඇති ජගත් වැල්ලවත්ත මහතා සමාජ විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රැසක් ද පළ කළ විද්වතෙකි.