විශේෂ ජනපති කොමිෂණ් සභාවේ සාක්ෂි විමසීම 28 සිට..

විශේෂ ජනපති කොමිෂණ් සභාවේ සාක්ෂි විමසීම 28 සිට..

by Staff Writer . 23-02-2022 | 4:34 PM

COLOMBO (News 1st) – දූෂණ මර්දන කමිටුව හා එහි ලේකම් කාර්යාලය කරන ලදැයි, කියන අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂණ් සභාවේ සාක්ෂි විමසීම ලබන 28 වැනිදා ආරම්භ වේ.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි විශේෂ ජනාධිපති කොමිෂන් සභා ශාලාවේදීයි. පෙරවරු 10.30 ට සාක්ෂි විමසීම ආරම්භ වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2021 වසරේ ජනවාරී 28 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාව පිහිට වූ බවයි.