කොළඹ 1 සිට 15 ටත් හෙට (24) සිට විදුලිය කැපේ

කොළඹ 1 සිට 15 ටත් හෙට (24) සිට විදුලිය කැපේ

by Staff Writer . 23-02-2022 | 4:15 PM

COLOMBO (News 1st) –  කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල හෙට (24) සිට විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, විදුලිය කැපෙන කාලය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. එහෙත් එම ප්‍රදේශවල විදුලිය කප්පාදු කිරීම සඳහා අද දිනයේ තීරණයක් ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.