අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Staff Writer . 23-02-2022 | 10:34 AM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පනතින් යෝජනා කෙරෙන්නේ 2020 අප්‍රේල් 1 වන දිනයෙන් ආරම්භවන තක්සේරු වර්ෂයේ රුපියල් මිලියන දෙදහස ඉක්මවන බදු අයකල හැකි අදායම් ලබන පුද්ගලයෙක්, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් එම ආදායමෙන් 25% ක අධිභාරයක් ගෙවිය යුතු බවයි.