by Staff Writer . 22-02-2022 | 10:07 AM
COLOMBO (News 1st) – විදෙස්ගත වන අය සඳහා ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තා සකස් කළ පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ වැල්ලම්පිටිය, මිනුවන්ගොඩ සහ කළුතර ප්‍රදේශවලදී ය.
අත්අඩංගුට ගත් පුද්ගලයින් අවුරුදු 32, 33 සහ 28 යන වයස්වල පසුවන්නන් බව අපරාධ පරීක්ෂණ දොපාර්තම්න්තුව සඳහන් කළේ ය.
පෞද්ගලික රෝහලක නමක් භාවිත කරමින් ඔවුන් මෙම ව්‍යාජ PCR පරීක්ෂණ වාර්තා නිකුත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.