COLOMBO (News 1st) - හෙට (23) දිනයේ පැය 4 කුත් විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.
මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ඉන්ධන හිඟය නිසා මේ විදුලිය කප්පාදුව සඳහා ඉල්ලීම් කර ඇති බව ය.
ඒ අනුව A, B සහ C කලාප සඳහා පැය 4 කුත් විනාඩි 40 ක් සහ අනෙකුත් කලාපවලට පැය 4 කුත් විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබෙන බවය.
මේ අතර උද්ගතවී ඇති විදුලිය සහ තෙල් අර්බුදය පිළිබදව විශේෂ කැබිනට් හමුවක් මේ වනවිට පැවැත්වේ.
විදුලිය කප්පාදු කරන කාලසටහනට පිවිසෙන්න.