විශේෂ භාණ්ඩ හා සේවා බදු කෙටුම්පතේ තීන්දුව...

විශේෂ භාණ්ඩ හා සේවා බදු කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

by Staff Writer . 22-02-2022 | 10:48 AM

COLOMBO (News 1st) –  විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකට යොමු කළ යුතුව ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කතානායකවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ මේම පනත් කෙටුම්පත සම්බ්නධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි. ඊට හේතුව මෙම පනතේ ඇති යම් යම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනිවීම බව කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.