රුසියානු ජනපතිගෙන් හමුදාවට නියෝගයක්

රුසියානු හිතවාදී කලාපවල සාමය පවත්වා ගෙන්නැයි, රුසියානු ජනාධිපතිගෙන් හමුදාවට නියෝග

by Staff Writer . 22-02-2022 | 9:17 AM

COLOMBO (News 1st) – රුසියාව මේ වනවිට නැගෙනහිර යුක්‍රේනයේ ඇති බේදුම්වාදී ප්‍රදේශ දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගෙන තිබේ.

නැගෙනහිර යුක්රේණයේ රුසියානු හිතවාදී බෙදුම්වාදී කණ්ඩායම් හා යුක්‍රේන හමුදා අතර ඇතිවූ සිවිල් ගැටුම් හේතුවෙන් වසර 08 ක් තුළ සාමන්‍ය ජනතාව 14,000 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2015 රුසියාව අතර සාම ගිවිසුමක් අත්සන් කර ඇති අතර එහි කොන්දේසි බරපතළ ලෙස උල්ලංඝණය වී ඇති බවට ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කේසේ වෙතත් යුක්‍රේනයෙන් වෙන්වූ රුසියානු හිතවාදී කලාප දෙකක සාමය පවත්වා ගෙන යන ලෙස රුසියානු ජනාධිපති වැලැදිමීටර් පුටීන් මහතා සිය හමුදාවට නියෝග කර තිබුණේ එම පළාත් දෙකේ ස්වාධිනත්වය රුසියාව විසින් පිළිගැනීමෙන් අනතුරුවයි. ඇමරිකාව ප්‍රමුණ බටහිර රටවල් මේ වන විට රුසියාට බරපතළ තර්ජනයක් වී ඇති බව ද රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් පවසා තිබේ.
''ඇයි අපිව මිතුරෙකු ලෙස නොව හතුරු රාජ්‍යක් බවට පත් කරන්නේ ? මේක අපේ දේශපාලන පරිපාලනය සම්බන්ධ දෙයක් නෙවෙයි. රුසියාව වගේ සෛවරි දැවැන්ත රාජ්‍යකට ඔවුන් කැමති නෑ . ඇමරිකාව රුසියාව සම්බන්ධයෙන් ගන්නා පියවරයන්ට ප්‍රධාන හේතුව එයයි.නේටෝ සංවිධානයේ ඇති ලියකියවිලිවලට අනුව රුසියාව සලකන්නේ යුරෝපිය අත්ලාන්තික් කලාපයට ඇති ප්‍රධාන අභියෝගයක් ලෙසයි.කිසියම් ප්‍රහාරයකදී යුක්‍රේනය ඉතා වැදගත්''
රුසියාව පසුගිය මාස කිහිපය පුරා හමුදා භටයින් දහස් ගණනක් යුක්‍රේන දේශසීමාව ආසන්නයේ යොදවනු ලැබී ය. මේ පිළිබඳව අදහස් පළ කරමින් බටහිර රටවල් කියා සිටියේ රුසියාව ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම් සකස් කරමින් සිටින බවයි. යුරෝපානු විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා පවසා ඇත්තේ නැගෙනහිර යුක්‍රේනය ඇති බේදුම්වාදී ප්‍රදේශ දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගත හොත් යුරෝපානු සංගමය විසින් රුසියාවට සම්බාධක පනවන බවයි. මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සමුළුව දා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.