උණ්ඩියල් ක්‍රමයෙන් සලිඳුට කෝටි 2ක් යවන්න හදලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සලිඳුට උණ්ඩියල් ක්‍රමයට රු. කෝටි 2 ක් යවන්න හැදූ සැකකරු අල්ලයි

by Staff Writer . 22-02-2022 | 4:36 PM

COLOMBO (News 1st) –  ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කරන සලිඳු මල්ෂිත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට උණ්ඩියල් ක්‍රමයට රුපියල් කෝටි 2 කට අධික මුදලක් මෙරටින් යැවිමට තැත් කළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 28 වනදා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. මෙලෙස අත්තඩංගුවට ගත් සැකකරු වත්තල හැදල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පානදුර කුඩා අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට දැනට ඩුබායි රාජයේ සැඟව සිටින බවට සැකකරන සලිඳු මල්ෂිත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සතු නීතිවිරෝධි වත්කම් පිළිබඳ මුදල් විශුද්ධිරකරණ පනත යටතේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසී ය.