by Staff Writer . 22-02-2022 | 4:03 PM
COLOMBO (News 1st) – මරදාන පොලිස් තනිකඩ බට නිවාස ගොඩනැගිල්ලේ 9 වැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, 70 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අනතුරින් මියගොස් ඇති බවයි.
පොලිසිය සඳහන් කළේ, ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක කටයුතුවල නිරතව සිටි අයෙකු එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.