පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු වෙළුම් භාරදෙයි

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලු වෙළුම් පාර්ලිමේන්තුවට

by Sagarika Chathumali 22-02-2022 | 1:33 PM

COLOMBO (News 1st) –  පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලු වෙළුම් පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, සම්පූර්ණ වාර්තාව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත බවයි. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී මෙම වෙළුම්  භාර දෙනු ලැබිණ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුව භාර දුන් අතර නීතිමය හේතු මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අදාළ ලිපි ගොනු පාර්ලිමේන්තුවට භාර දීම සිදු වී ඇත්තේ, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහායි.