COLOMBO (News 1st) – පෙට්‍රල්, ඩීසල් මිල අද හෙට වැඩිවෙයි ද?
පිළිබඳව අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ විය.
පවතින අර්බූදකාරී තත්ත්වයත් සමග යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවේදැයි, මාධ්‍යවේදීහු විමසා සිටියහ.
ඊට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසුවේ, රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුද තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ විශාල තෙල් මිල ඉහළ යාමක් පවතින බවයි.
''දැනට පවතින තත්වයන් යටතේ ඔබ දන්වා තෙල් මිල ලෝක වෙළඳපොළේ ඉතාමත් ඉහළ මට්ටමකට ළඟා වෙලා තියෙනවා. විශේෂයෙන්ම රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුද තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ විශාල තෙල් මිල ඉහළ යාමක් තියෙනවා. ඉතින් ඒ හරහා යම් මට්ටමකට මේ ආයතන දෙකම විශාල පාඩු ප්‍රමාණයක් විඳගෙන තෙල් ලබාදෙන්නේ කියන කාරණාව ඔබ දන්නවා. යම් පමණක එවැනි වෙනසක් ඉදිරියේදී සිදුවන්නට ඉඩ තියෙනවා. කෙසේ වෙතත් එවැනි තීන්දුවක් දැනට අරගෙන නැහැ. නමුත් අපි විශ්වාස කරනවා. ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල අඩුවීමක් සිදුවුණොත් ඒ වාසියත් ජනතාවට නැවත ලබාදිය යුතු කියන එක අපි කියනවා. අපි දෙපැත්තක් බැට කනවා. එක පැතත්තකින් ජල විදුලි අර්බුදයත් අනෙක් පැත්තෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසාත් අපි දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා''