විදුලිය,ඉන්ධන ඉතිරි කරන්න: අද චක්‍රලේඛයක්

විදුලිය හා ඉන්ධන ඉතිරි කරන්න රාජ්‍ය ආයතනවලට අද නව චක්‍රලේඛයක්.

by Staff writer 21-02-2022 | 6:34 AM

COLOMBO (News 1st) – රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අද (21) නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ,මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කරන බවයි. ඊට අමතරව දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට කෙරෙන කැඳවීම් නව චක්‍රලේඛයෙන් සීමා කෙරෙනු ඇති. හැකි සෑම අවස්ථාවකදීම zoom ඔස්සේ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පවත්වන ලෙස ද උපදෙස් දුන් බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඊට අමතරව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත කරන ලෙස ද, නව චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබේ.