by Staff writer 21-02-2022 | 10:16 AM
COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය බහාලුම් තොගයේ අවසන් බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද (21) සිදු කෙරේ.
බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ මෙම කසළ අඩංගු කන්ටේනර් තොගයේ ඇත්තේ, පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය බව මධ්‍යම පරිසර අධිකාරිය නිගමනය කිරීමෙන් අනතුරුව ගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව ඒවා ප්‍රති අපනයනය කිරීමට තීරණය කෙරිණි.
එලෙස මෙරටට ආනයනය කළ කන්ටේනර් සංඛ්‍යාව 100 කට අධිකය.