ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 21-02-2022 | 6:00 AM
දේශීය පුවත් 1.අද දිවයින පුරා විදුලිය කප්පාදුවක් – මහජන උපයෝගිතා කොමිසම – ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පරිදි අද (21) දින දිවයින පුරා විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති(PUCSL) ජනක රත්නායක මහතා පවසයි. 2. රට තුළ ජාතික ආරක්ෂාව තහවුරුයි – ආරක්ෂක ලේකම් – ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. 3.ඉන්ධන නෞකා 5 ක් ඉදිරි සතියේ දිවයිනට.. – ඉන්ධන රැගත් නෞකා 5ක් ඊයේ (20) සිට ඉදිරි සතිය තුළ දිවයිනට ළඟා වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 4.හෝටලයක ඉහළ මහලෙන් වැටී විදේශිකයෙකු මරුට.. – ඇල්ල නගරයේ හෝටලයක ඉහළ මහලෙන් ඇද වැටී විදේශිකයෙකු මියගොස් තිබේ. 5. ගිරිබාවේ ගවේෂණයෙන් අතීත වීදුරු නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි – කුරුණෑගල, ගිරිබාව ඉපැරණි වීදුරු නිෂ්පාදනාගාරය ආශ්‍රිත කළ පුරා භූ විද්‍යා ගවේෂණයේදී වීදුරු නිෂ්පාදනය සඳහා භාවිත කළ උඳුන් 20 කට ආසන්න සංඛ්‍යාවක තොරතුරු හමුවී තිබේ. විදෙස් පුවත් 1.එලිසබෙත් මහ රැජිණට කොවිඩ් වැළඳෙයි – බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට කොවිඩ් වෛරසය ආසදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩා පුවත් 1. ඔස්ට්‍රේලියාවේ පූර්ණ තරගාවලි ජයග්‍රහණ සිහිනය ශ්‍රී ලංකාව බොඳ කරයි – ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ 05වන සහ අවසන් තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගැනීමට ඊයේ (20) සමත් විය